බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයා නුවරඑළියේ සංචාරයක යෙදෙයි
බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ජෝන් රැන්කින් කඳුරට ඔහුගේ සංචාරයේ කොටසක් වශයෙන් 2014 නොවැම්බර් 5 දින නුවරඑළියේ සංචාරයක යෙදුනි.

British High Commissioner with the children at MENCAFEP
ඔහු ආබාධිත ළමුන් සඳහා එම්බීඊ නාමධාරී ක්‍රිස් ස්ටබ්ස් හා ඔහුගේ භාර්යාව වන රන්ජි විසින් පිහිටුවන ලද පාසලක් වන මෙන්කැෆෙප් (MENCAFEP) බැලීමට ද ගියේ ය. මෙන්කැෆෙප් (MENCAFEP) සියලු වයස් කාණ්ඩවල හා විවිධ හැකියා මට්ටම්වලින් යුත් ළමුන්ට දිවා සුරැකුම් පහසුකම් සැපයීම හා ඉගැන්වීම කරයි. 2013 නොවැම්බර්වල ඔහුගේ ශ්‍රී ලංකා සංචාරය තුළ දී රාජකීය උත්තම චාල්ස් කුමරු ද මෙන්කැෆෙප් බැලීමට ගියේ ය.
පසුව මහ කොමසාරිස්වරයා උද්භීද උද්‍යාන හා මහජන විනෝදායන නියෝජ්‍ය අමාත්‍ය වී. එස් රාධක්‍රිෂ්ණන් ද ලංකා කම්කරු සන්ධානයේ මහ ලේකම් එස්. සතාසිවම් ද මුණ ගැසුණි. දෙදෙනාම සමග ඔහු තේ කර්මාන්තය හා තේ වතු කම්කරුවන් විසින් මුහුණ දෙනු ලබන්නා වූ අභියෝගයන් ගැන මෙන්ම නුවරඑළිය දිස්ත්‍රික්කයෙහි පුළුල් සංවර්ධනයන් ගැන ද සාකච්ඡා කළේ ය. එසේම ඔහු තේ කම්හලක් බැලීමට ද ගිය අතර වත්තෙහි ජීවිතය පිළිබඳව වතු කම්කරුවන්ගේ කතන්දර ඇසීමට ද උනන්දුවක් දැක්වීය.