හියුගෝ ස්වයර් යාපනේ සංචාරය කරයි
ශ්‍රී ලංකාව පිළිබඳ විදේශ සහ පොදු රාජ්‍ය මණ්ඩල කාර්යාලයීය බාහිර අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී අති ගරු හියුගෝ ස්වයර් අද, 2015 ජනවාරි 29 යාපනයේ සංචාරයක යෙදුනි. මෙය අමාත්‍යවරයාගේ ප්‍රථම යාපන සංචාරය විය.

Minister Hugo Swire donated books to the Jaffna Library
ඔහුගේ සංචාරය තුළ දී අමාත්‍යවරයා උතුරු පළාතේ ප්‍රධාන අමාත්‍යවරයා වන විනිසුරු සී. වී. විග්නේෂ්වරන් මුණ ගැසුණු අතර බ්‍රිතාන්‍ය කවුන්සිලය, එක්සත් රාජධානියේ මූල්‍ය ආධාර ලබන හලෝ භාරය විසින් මුහමාලේහි කරගෙන යනු ලබන බිම් බෝම්බ ඉවත් කිරීමේ මෙහෙයුමක්, අලිමංකඩ හා සභාපතිපිල්ලෙයි සුබසාධන ග්‍රාමය යන ඒවායේ ද සංචාරයක නිරත විය.
සිය සංචාරය පිළිබඳව අදහස් දක්වමින් හියුගෝ ස්වයර් මෙසේ පැවසීය :
“මා අද යාපනයේ සංචාරය කිරීමට ලැබීම ගැන සතුටු වෙනවා. රටේ පැවති දිගු ගැටුම පුරාම උතුරු ශ්‍රී ලංකාව ද එහි ජනතාව ද මහත් සේ පීඩාවට පත්වූ අතර තවමත් බොහෝ අභියෝගයන්ට මුහුණ දී සිටිනවා. මෙම කාරණය අගමැති ඩේවිඩ් කැමරන් ද ඔහු 2013 දී පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායකයින්ගේ සමුළුව වෙනුවෙන් ශ්‍රී ලංකාවට පැමිණ සිටිය දී යාපනයේ සංචාරය කිරීම සඳහා ප්‍රමුඛතාවය ලබා දුන්නේ මන්ද යන කාරණයේ කොටසක් වුනා.
අද මම උතුරු පළාතේ කතාවේ විවිධ පැති කිහිපයක් දැක්කා, ශ්‍රවණය කළා. එහි දී මා ප්‍රධාන අමත්‍යවරයා සමග සංහිඳියාව සහ වගවීම, හමුදාවේ කාර්යභාරය, දේශපාලනික විසඳුමක් සඳහා වන මතු බලාපොරොත්තු හා එහි ලා එක්සත් රාජධානියට සහාය විය හැකි ක්‍රම පිළිබඳව සාකච්ඡා කළා. අලිමංකඩ දැකීම ශ්‍රී ලංකාව නැවත වරක් ගැටුමෙහි ගිලී යා නො යුතු ය යන්න මොන තරම් වැදගත් ද කියන කාරණයෙහිලා බලගතු සිහි ගන්වන්නක් වුනා.
මා යාපනය පුස්තකාලයට පොත් පරිත්‍යාග කිරීමට ලැබීම ගැන සතුටට පත් වුනා. ඒ අතරම මා මාධ්‍ය නිදහස හා මාධ්‍යවේදීන්ට මෑත අතීතයේදී මුහුණ දීමට සිදුව තිබූ පීඩනයන් ගැන සාකච්ඡා කිරීමට මාධ්‍යවේදීන් හමු වුනා. බලාපොරොත්තුව විය යුත්තේ නව ශ්‍රී ලංකා රජය යටතේ මාධ්‍ය නිදහස වැඩි වනු ඇත යන්න යි.
එසේම මා 2013 දී ඩේවිඩ් කැමරන් සංචාරය කළ සභාපතිපිල්ලෙයි සුභසාධන ගමේ ද සංචාරයක යෙදුනා. ගම්මානයේ පාසල් ළමුන් සියලු දෙනාට ශ්‍රී ලංකාවේ නව පාසල් වාරය සඳහා නියම වෙලාවට සපත්තු තෑගි කිරීමට ලැබීම ගැන මගේ කණ්ඩායම සමඟ මා සතුටට පත් වුනා. සුබසාධන ගම්මානය ගැටුම අවසන් වූ පසුත් වර්ෂ හයක පමණ කාලයක් පුරා පවතිනවා. හැකි සෑම අවස්ථාවකම ජනතාවට ඔවුන්ගේ මුල් ඉඩම්වලට ආපසු පැමිණීමට ඉඩ සලසන දිගු කාලීන විසඳුමක් සඳහා සොයා ගැනීමට මා නව ශ්‍රී ලංකා ආණ්ඩුව දිරිමත් කරනවා.
එසේම මගේ උතුරු පළාතේ සංචාරය මට බ්‍රිතාන්‍ය සංවිධාන විසින් කරනු ලබමින් තිබූ හොඳ වැඩ සමහරක් බලන්න අවස්ථාව ලබා දුන්නා. මා යාපනයේ බ්‍රිතාන්‍ය කවුන්සිලයට ගියා. එහිදී මා ඉංග්‍රීසි භාෂා කුසලතා ඉගැන්වීමෙහිලා අගනා සේවාවක් කර ගෙන යන ඔවුන්ගේ කණ්ඩායම මුණ ගැසුනා. මුහමාලේ දී මට බ්‍රිතාන්‍ය පුණ්‍ය භාරය, හලෝ භාරය විසින් බිම් බෝම්බ ඉවත් කරමින් තිබූ ඇතැම් බිම් පෙන්වනු ලැබුවා. බිම් බෝම්බ හා පුපුරන ද්‍රව්‍ය එළි පෙහෙළි කිරීමේ ආඥා පනත ඉඩම් නැවත ජිවත් විය හැකි තත්ත්වයට පත් කිරීම හා ප්‍රදේශයේ ජනතාවට බෝම්බ අවදානම පිළිබඳ අධ්‍යාපනය ලබා දීම පශ්චාත් ගැටුම් ක්‍රියාකාරිත්වයේ - එක්සත් රාජධානිය ආධාර කරන යම් කොටසක්. 2009 සිට අප ශ්‍රී ලංකාවේ මෙම කර්තව්‍යය උදෙසා පවුම් මිලියන පහකට වැඩි මුදලකින් (ආසන්න වශයෙන් රුපියල් බිලියන 9.9 කින්) දායකත්වය ලබා දී තිබෙනවා. “