වංචනික ලෙස බ්‍රිතාන්‍ය විසා ලබාගැනීමට තැත් කල ශ්‍රී ලංකා යුවලක් අත් අඩංගුවට
වංචනික ලෙස තම අයදුම්පත් පුරවා, තම ගමන් බලපත් අයුතු ලෙස අපවේශනය කොට, බ්‍රිතාන්‍ය විසා ලබාගැනීමට තැත් කල ශ්‍රී ලංකා යුවලක් ඊයේ අත් අඩංගුවට ගනු ලැබිය.

UK Visas and Immigration run the arrest programme in partnership with the Sri Lankan Fraud Investigations Bureau.
බ්‍රිතාන්‍ය විසා සහ සංක්‍රමණ කටයුතු පිලිබඳ කණ්ඩායම විසින් මෙම පුද්ගලයින් පිලිබඳව කොළඹ පොලිසියේ වංචා විමර්ශන ඒකකය දැනුවත් කරන ලදී. මෙම යුවල තමන්ගේ ගමන් බලපත්වල, මින් පෙර බ්‍රිතාන්‍ය විසා ප්රතික්ෂේපවූ මුද්‍රාව සැඟවීමට තැත් කර, ප්රතික්ෂේපවූ බව අදාල වීසා නිලධාරීන්ගෙන් වසන් කොට ඇත.
අයදුම්පත් ප්රතික්ෂේපව අත් අඩංගුවට ගැනුන මෙම යුවළට, අවුරුදු දහයක බ්‍රිතාන්‍ය ගමන් තහනමක්ද පැනවිණ. තවද, ශ්‍රී ලංකා බලධාරීන් විසින් ඔවුන්ට එරෙහිව නීතිමය පියවරද ගන්නා ලදී.
මෙම සිද්ධිය පිළිබඳව අදහස් දැක්වූ බ්‍රිතාන්‍ය වීසා සහ සංක්‍රමණ කටයුතු කලමනාකාර ටෝනි විලියම්ස් මහතා මෙසේ පැවසිය
’ බ්‍රිතාන්‍ය සංක්‍රමණ නීති උල්ලංඝණය කිරීමට සහ ඒවා අයුතු ලෙස භාවිතා කිරීමට, අප විසින් කිසිවෙකුට අවස්ථාව ලබා නොදෙන්නෙමු. අයථාභාවිතය දුටු තැන අපි එයට එරෙහිව පියවර ගන්නෙමු. විසා ලබා ගැනීම පිණිස ව්‍යාජ ලියකියවිලි ලබාදීමෙන් වලකින ලෙසත්, ප්‍රතිරුපකයන් වශයෙන් පෙනී සිටීමෙන් වලකින ලෙසත්, වෙනත් වංචා නොකරන ලෙසත් මම තරයේ අයදුම්කරුවන්ට අවවාද කර සිටිමි.’
බ්‍රිතාන්‍ය විසා සහ සංක්‍රමණ කටයුතු පිලිබඳ කණ්ඩායමට මෙම වංචාව පිළිබඳව අනාවරණය කරගැනීමට හැකිවුයේ, වංචා පිළිබඳව පුළුල් පුහුණුවක් ලබා ඇති ඔවුන්, තමන් වෙත ලබාදෙන ලියකියවිලි තරයේ විමර්ශනය කරන බැවින්ය.